The aim of this space is to build ideas, dialogues, conversations and ideologies to create a knowledgeable human society about love, sex and good human relationships.
Wednesday, June 12, 2024
තම ප්‍රේමය වශී කරගන්න අති ප්‍රබල කාම දේව ආකර්ෂණ වශිය
කාම දෙවියන්
"කාම දෙවියන්" යනු විශ්වයේ පැවත්ම උදෙසා ප්‍රජනන චක්‍රය ක්‍රියාත්මක කරවිම පිණිස ස්ත්‍රීන් පුරුෂයින් ආකර්ෂණය කොට විශ්වයේ පැවැත්මේ ක්‍රියාවලිය අකණ්ඩව සිදු කරගෙන යන දේවියන්ය. එතුමන්ගේ බිරිඳ රාගයට අදිපතිනි "රති" දෙව්දුවයි. වරෙක කාම දෙවියන් ධ්‍යානයට සමවැදී සිටි මහා දෙවියන්ගේ (ශිව) හිතේ පාර්වති මෑණියන් කෙරෙහි කාමය අවධි කිරීම අදහසින් මල් සර හීයකින් විදින ලදි. ධ්‍යානය බංග වීම නිසා ශිව දෙවියන් දැඩි කෝපයට පත්ව, තම නළල මැද ඇති තුන්වන ඇස විවර කර මහා ගිනිකදකින් දවා අළු බවට පත් කළේය. කාම දෙවියන්ගේ අභාවය නිසා සමස්ත විශ්වයේම ජිවන චක්‍ර ක්‍රියාවලිය ඇනහිටින නිසාත්, රති දෙව්දුවගේ නොනවතීන විලාපයත් අයැදුම නිසාත්, "පාර්වති" මෑණියන් තුළින් "ආධි ශක්ති" මාතාව ප්‍රකට වී, කාම දෙවියන්ට නැවත ජිවය ප්‍රධානය කාලාය. නමුත් ශිව දෙවියන්ට කරන ගෞරවයක් වශයෙන් ඔහු දුන් දඬුවමට අභියෝග නොකර, කාම දෙවියන්ට පෙර මෙන් ජිවය සම්පුර්ණ ස්වරුපයක් නොලැබිනී. එනම් එතුමන්ට අංගයන් නොමැති විය. ඔහු ලෝකයාට අදෘෂ්ශ්ය, අප්‍රකට විය. මේ නිසාම එතුමන් "අනංගයන්" ලෙස ද නම් කරන ලදි. ඔහුගේ රූපකාය දැකීමට හැකියාව ලැබුනේ බිරිඳ වූ "රති" දෙවගණට පමණක්ය. කෙසේ නමුත් අදටත් කාම දෙවිදුන්ගේ බල මහිමය මේ ලෝක ධාතුවේම විසිරව පවතී, එබැවින් එතුමන් සිහිකර තම ප්‍රේමය, ආදරය වෙනුවෙන් එතුමන්ගෙන් පිහිට ආශීර්වාදය ලබා ගත හැකිය.
වශී කර්ම
බොහෝ ඈත අතිතයේ සිටම තමන් කැමති අයෙකු තමන් කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සදහා වශී කර්මයන් සිදු කරනු ලබයි. මෙය අද්දුටු ඉතා බලවත් මන්ත්‍ර කර්ම ක්රමයකී. වශී කර්මයකදී සිදු වනුයේ මන්ත්‍ර ශාස්ත්‍රයන්ගේ බලයෙන් අප අරමුණු කරන පුද්ගලයාගේ මනස පාලනය කරමින් අපට අවශ්‍ය ආකාරයට එම පුද්ගලයන් මෙහෙයවා ගැනීමයි. සාමාන්‍යයෙන් මේ වශී කර්ම යුක්ති සාධාරණ අසාධාරණ දෙකටම මිනිස්සුන් විසින් භාවිතා කරයි. වශී කර්ම යුක්ති සාධාරණ වන්නේ කොහොමද? යන්න කෙනෙකුට ප්‍රශ්නයක් වන්න පුළුවන්. ඒ සදහා කෙටි උදාහරණයකින් පැහැදිලි කරනවා නම්., ඔබ සිතන්න විවාහක දරු පවුල්කාර පුද්ගලයෙක් තම දරු පවුල අතහැර, වෙනත් පර ස්ත්‍රීයකට ඇබ්බැහිවී සිටින අවස්ථාවකදි, එම විවාහක බිරිද විසින් වශී කර්මයක මාර්ගයෙන් තම ස්වාමිපුරුෂයා තමන් කෙරේහි වශී කොට නැවත තමා වෙත ගෙන්වාගෙන තම පවුල රැකගැනීමට කටයුතු කරයි නම්, එවැනි අවස්ථාවක් යුක්තිද, නැද්ද යන්න ගැන තීරණය කිරීම ඔබටම බාරයි.
පොදුවේ වශී කර්ම කිරීම යහපත් දෙයක් නොවේ. එය පාපයක්මයි. මන්ද බොහෝ වශී කර්මයන් සදහා කැවීම් පෙවීම් සිදු කරනු ලබයි, මෙමගින් එම පුද්ගලයන්ට සමහර අවස්ථා වලදී බොහෝ රෝගාබාධයන්ට, පිලිකා ආදි තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. සමහරක් පුද්ගලයින් සදා කාලික රෝගීන් බවට පත් වේ. තවත් සමහරක් මියයන අවස්ථාද ඇත. නමුත් සමහර අවස්ථා වලදී සමහරක් පුද්ගලයන්ට තමාගේ අසරණ කම නිසාත්, කිරීමට අන් කිසිම දෙයක් නොමැති නිසාත් වශී කර්මයන්ගේ පිහිට පැතිමට සිදු වන අවස්ථාවන්ද නැතුවා නොවේ. අද මා ඔබට කියා දෙන්නට හදන්නේ කැවීම් පෙවීම් පැන්නවීමකින් තොරව දෙවියන්ගේ උපකාර ඇතිව දේව ආශීර්වාදයෙන් තම අභිමතාර්ථ අයව තමන් කෙරෙහි වශී කරගන්නා ආකාරයක් පිළිබදව.
වශී කර්මය කරගන්නා ආකාරය
මේ සදහා ඔබට අවශ්‍ය වනවා නිවසේ සුදුසු පිරිසිදු ස්ථානයක මල් ආසනයක් පිළියෙළ කරගන්න. කෙටි කාලිනව සිදු කරන පුජා කර්මයක් නිසා තාවකාලීක ස්ථානයක් තනා ගන්න පුළුවන්. පිරිසිදු අලුත් ලි පුටුවක් උනත් මේ සදහා සුදුසුයි. එහි කාම දෙවියන්ගේ පින්තුරයක් තැන්පත් කරන්න (ඔබට පුළුවන් අන්තර් ජාලයෙන් කාම දේවරුපයක් Download කර ගන්න). මෙම පුජාව පුර පක්ෂයේ සිකුරාදා දිනයක උදැසන 4.00 සිට 5.00 දක්වා කාලය තුල දි සිදු කල යුතුවේ. මුලින්ම නා පිරිසිදු වී, පිරිසිදු වස්ත්‍රයක් ඇද ගන්න. දේව රූපයට රතු මල් පුජා කරන්න විශේෂයෙන් රතු රෝස, රෝස මල්, රතු සපත්තු මල්, වද මල්, රතු නෙලුම්, පිච්ච මල් පුජා කරන්න. අලුත් මැටි පහනකට සදුන් තෙල් හෝ පිරිසිදු රන් තැබිලි තෙල් දමා බුලත් කොලයක් මත තබා දල්වන්න. (සදුන් තෙල් නම් වඩා ශුභයි) සදුන් සුවද ඇති හදුන්කුරු දල්වන්න. කපුරු දල්වා රුපයට අල්ලන්න. කුඩා උක් දණඩක්, ඇබුල් කෙසෙල් ටිකක්, ඇපල් ගෙඩියක් වගේ පලතුරු ටිකක් පුජා කරන්න. පිරිසිදු පැන් වීදුරුවක් පුජා කරන්න. පිච්ච මල් වර්ගයකින් මල් මාලයක් සාදා රූපයට පළදන්න. මේ පුජාවන් සියල්ලම පළමු දින හා අවසාන දින සම්පුර්ණයෙන්ම අඩු නැතිව තැබිය යුතුමය. අනික් දින වල සදුන් තෙල් පහන, රතුමල්, පැන්, සුවද දුම් පුජා කිරීම ප්රමාණවත්ය. මේ පුජාසනයට වෙනත් අයට ලංවෙන්න නොදී, මේ සියලු කටයුතු ඔබ පෞද්ගලිකවම ඔබ විසින්ම කරන්න. මෙම පුජා කර්මය දින 21ක් නොකඩවා එක දිගටම කිරීම ඉතාම වැදගත් බවත් දත යුතුය. දැන් පොට 3කින් සමන් විත රතු කපු නුල් පොටකින් එක් කෙලවරක් කාම දෙවියන්ගේ රූපයෙහි 4, 5 වතාවක් වෙලා අනිත් කොන තම දැතින් අල්ලා ගෙන ඔබ වශී කර ගැනීමට අරමුණු කරන ස්ත්‍රීය හෝ පුරුෂයාගේ රූපය සිතින් පැහැදිලි චිත්ත රුපයක් මාව ගනිමින් පහත දැක්වෙන මන්ත්‍රයෙන් "324" වර බැගින් හෝ "1008" වර බැගින් ජප කරගන්න. (1008 වරක් ජප කිරීම බොහෝ බලවත්ය) ජප කිරීමෙන් පසු රතු නුල්පට පුජාසනයේම තබන්න, දේව රූපයේ වෙලා ඇති රතු නුල් නොගලවාම තබාගත යුතුය. ජප කරන අවස්ථාවෙදී පමණක් අනිත් නුල්පට කෙලවර අතේ තබාගන්න. මේ මන්ත්‍ර කර්මය කිරීමේ දි තම සිත එකග කරගෙන කටයුතු කිරීමත්, ඔබ අරමුණු කරන අයගේ හොදින් චිත්ත රූප මවා ගැනිමත් ඉතා වැදගත්ය. මෙම පුජා කටයුතු ආරම්භ කල දින සිට දින 21ක් නොකඩවා කිරීමත් අනිවාර්යය. දින 21 සම්පුර්ණ කොට, ඔබ සිතැගි අය හමුවීමට යන දින පුජාසනයේ දේව රුපයේ වෙලා ඇති රතු නුල ගලවා තම දකුණතේ බැදගෙන,පෙර මන්ත්‍රයෙන්ම නැවත 11 වරක් නුලට ජප කර නිවසින් පිටවීම කල යුතුය. රතු නුල ඔබ අතේ පොහොය 3ක් වත් තබා ගත යුතුය. නුල ඉවත් කරන විට ගලා යන ජලයක දැමීම සුදුසුයි. පුජා කර්මයෙන් පසුව කාම දේව රූපය ගෞරව සහිතව පුච්චා දැමීමට හෝ සුදුසු ස්ථානයයක ගෞරවය සහිතව තබා ගන්නටත් පුළුවන්. (ඔබ දෙවියන් පහන් තබන ස්ථානයක)
මන්ත්‍රය
"ඕම් කාමදේවාය විද්මහේ
පුෂ්පඛාණාය ධීමහේ
තන්නෝ කාම ප්‍රචෝදයාත්" (108 වරක්)
(මෙම මන්ත්‍රය සුදුසු වාර ගණන කියා, කාම දෙවියන්ට ගෞරවයෙන් විශ්වාසයෙන් වන්දනා කර තම සිතැඟි අය තමා වෙත ආකර්ෂණය කර, වශී කර දෙනමෙන් ඉල්ලා අයැද සිටින්න)
සැ:යු: ඔබ මේ මන්ත්‍ර කර්මය කරන කාලය අතර තුරත්, මන්ත්‍ර කර්මය සාර්ථක වී අදාල පුද්ගලයා ඔබ කෙරෙහි වශී වූ පසුවත් එක් අරමුණකින් එම අදාල පුද්ගලයා කෙරෙහිම පමණක් ප්‍රේමයෙන්, සෙනෙහෙ සිතින්, කරුණාවෙන් ඔවුන් වෙනුවෙන් තම යුතුකම් ඉටු කරමින්, පංචශිලයේ 3වන සිල් පදය රකිමින් වාසය කල යුතුය. නැතිනම් කර්මානුරූපිව සොබාදහම දෙන දඩුවම් වලට ඔබට මුහුණ දීමට සිදුවන බවත් හොදින් මතක තබා ගන්න.
Subscribe to:
Posts (Atom)
